දේශබන්දු හොයාගෙන සාගලගේ කාර්යාලෙටත් CID ගිහින්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ මාතර, මොරවක පිහිටි කාර්යාලය පරීක්ෂා කර තිබෙනවා.

ඒ දේශබන්දු තෙන්නකෝන් මහතාව දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති පසුබිමකයි.

මේ අතර, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද (12) විභාගයට ගැනීමට නියමිතයි.

මෙම අත්අඩංගුවට ගැනීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ බලපෑම් මත සිදුවන බව දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නීතිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කළා.

එබැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස එම ඉල්ලා ගොනුකර තිබු එම රීට් පෙත්සම අද වැඩිදුර විභාගයට ගැනීමට නියමිතයි.

එවන් පසුබිමක ඔහුව සොයා පොලිස් පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading