මාතර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණ දී ඇති නියෝගය බල රහිත කරන ලෙස දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් වී තිබෙනවා.
ඒ අනුව එහි තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද තීන්දු කළා. කෙසේ වෙතත්, ලබන සඳුදා දිනය තෙක් දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට නොගන්නා බවට එකඟතාවයක් නිකුත් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කළා.
මේ වන විට දේශබන්දු තෙන්නකෝන් මහතා හට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.
Breaking:දේශබන්දුගේ රිට් පෙත්සමට අධිකරණය දුන් නියෝගය
