බටලන්ද කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කිසිදු නීතිමය අවශ්‍යතාවක් නැතත්, මාර්තු 10 වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත්තේ එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පමණි.
වාර්තාව පිළිබඳ ගන්නා තීන්දු එයින් පසු තීන්දු කරන බව කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
මාර්තු 15 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පමණි.
කෙසේ වෙතත්, මාධ්‍යවේදීන් විමසුවේ එම වාර්තාව අෂ්රොෆ් ගුවන් අනතුර සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ලැබුණු විට එය චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින් පොලීසියට ඉදිරිපත් කළා මෙන් මෙම වාර්තාව ඉදිරිපත් කොට රජයට පියවර ගත හැකි බවය. කොමිසමේ නිර්දේශ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ඇතුළු තීන්දු ගන්නේදැයි මාධ්‍යවේදීන් වැඩිදුරටත් විමසීය.
කෙසේ වෙතත් එයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පෙර කී කරුණම කී අතර, ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණක් සිදුවනු ඇත. කෙසේ වෙතත් අදාළ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
බලන්ද කොමිෂන් සභාව හෝ වෙනත් පරීක්ෂණ කොමිෂන් සභාවක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ නීතිමය අවශ්‍යතාවක් නොමැති අතර, එය රනිල් වික්‍රමසිංහ විසින් නිර්මණය කරන ලද අවශයතාවකි. එය පාර්ලිමේන්තුවට නොදැමූ බව කියමින් එය කොමිෂන් වාර්තාවේ වලංගුතාව ප්‍රශ්න කිරීමට රනිල් වික්‍රමසිංහ විසින් බොරු තර්කයක් ඉදිරිපත් කළ අතර, මෙම ආණ්ඩුව එම බොරු තර්කය ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් කිසිදු නෛතික අවශ්‍යතාවක් සම්පූර්ණ නොවේ. ජනාධිපති පරීක්ෂණ සභා පනත මෙන්ම ලේඛනාරක්ෂක පනත අනුව මෙම වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සහ ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කිරීම යනාදී පියවර දැනටමත් ගෙන හමාරය.
කෙසේ වෙතත්, ගැලරිය පිනවීමට සංවේදී කතා ඇතුළත් විවාදයක් නරඹා බටලන්ද අපරාධවලින් රසයක් ලැබීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් හැකියාව ලැබෙනු ඇත.
