විගණකාධිපති වාර්තා හා තවත් විමර්ශණ වාර්තා ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සෑම අමාත්‍යංශයකම විමර්ෂණ කණ්ඩායම් පත්කරමින් තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
දැනට තිබෙන වාර්තා මත පදනම්ව විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම හා අදාළ ක්‍රියාමාර්ග ගැනිම සඳහා ලේකම්වරයාට නිර්දේශ නිකුත් කිරිම සිදුකිරිම බව ඔහු වැඩිදුරටත් කීවා.
පසුගිය කාලයේ සිදුවු වංචා දුෂණ සම්බන්දයෙන් විගණකාධිපති වර්තා ගණනාවක් ඉදිරිපත් කර තිබෙන නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නේදැයි විමසු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.
ඒ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවට එක්වෙමින්.
