අදානි ගැලපෙන ආයෝජන ගේනවනම් ඉන්න පුලුවන්;නලින්ද කියයි

අදානි සමාගම ගැලපෙන ආයෝජන ගෙන එනවානම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සුදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ,

ආණ්ඩුවේ ස්ථාවරත්වය කිසිදු වෙනසක් වෙලා නෑ. ජනාධිපති ඉන්දියාවට යන්න කලින් එකක්, ගියාට පස්සේ තව එක්ක් වගේ දේවල්, දැන් තව එකක් වගේ දේවල් නෑ. ඒක බොරු. අපේ ස්ථාවරත්වය තියෙන්නේ අපි අයෝජකයින්ට විවෘතයි. අදානි සමූහය අපිට ගැළපෙන ආයෝජන ගේනවා නම් අපි සාකච්ඡා කරන්න සූදානම්. හැබැයි මේ නිශ්චිත සුළං විදුලි ව්‍යාපෘතියේ ගාස්තු ගැන අදහසක් රජයට තියෙනවා. ඒ ගාස්තු ඉහළයි. ඒ ගාස්තු සංශෝධනය වියයුතුයි. ගාස්තු සංශෝධනය කරගෙන එනවා නම් අපි සාකච්ඡා කරන්න සූදානම්. එහෙම සූදානම් නැත්තම් ඔවුන්ට තීන්දුවක් ගන්න පුලුවන් මේ ව්‍යාපෘතිය අතහරින්න කියලා.එයින් අදහස් වෙන්නේ නැහැ ලංකාවට එන ආයොජකයින් ඔක්කොම යනවා කියලා.කවර ආයෝජකයෙකු වුවත් ඒ බර අපිට දරා ගන්න බැරිනම් අවසානයේ ඒ බර අපට ජනතාව මත පටවන්න සිද්ධවෙනවා නම් රජය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා.ජනපති ඉන්දියාවේ ගිය ගමනෙදිත් පැහැදිලිව කිව්වේ මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් අපේ ස්ථාවරය ඒ අනුව අපි කටයුතු කළේ ඒ අනුව අදානි සමාගම යම් තීන්දුවකට එළබුනේ ඒ අය තමන්ගේ ගාස්තු සංශෝධනය කරගෙන රටේ ජනතාවට සාදාරණය මුදලකට හා ඉන්දියාවේ දී අය කරන ආයෝජනවලට සාපේක්ෂව සාදාරණ මුදල ලංකාවට ගේනවනම් අපි සාකච්ඡා කරන්න අපි සුදානම්…..

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (11) පැවති කැබිනට් තිරණ දැනුම් දීමේ සාකච්ඡාවේදි මාධ්‍යෙවදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

Author

Related Posts