පද්මේගේ සමීපතමයෙක් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීම මෙහෙය වූ බවට චෝදනා එල්ලවන කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්තගේ සමීපතමයෙකු වන යොහාන් අනුෂ්ක ජයසිංහ නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා කමාන්ඩෝ බළකායෙන් පලාගිය පුද්ගලයෙකු වන යොහාන්, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකු බව පොලීසිය පවසනවා.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 5වනදා කටුනායක ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.

ඔහුව රැඳවුම් නියෝග මත සිදුකළ විමර්ශනයේදී පන්නල ඇලබලඩගම ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිත්තෝලයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව පතරොම් ගැබයක් හා එහි ජීව උණ්ඩ 6ක්ද හමුවු බව පොලිසිය පවසනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Author

Related Posts