හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් වත්කම් අත්හිටුවිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
හිටපු පොලිස්පතිවරයා දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී සිටීම මග හැරීම හේතුවෙනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසන්නේ.
දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි නියෝගය ලබාදී දැනට දින කිහිපයක් ගතවී අවසන් වි තිබෙන අතර මේ වනවිටත් ඔහු රැඳී සිටින් ස්ථානයක් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නැති බව පොලිසිය පවසනවා.
ඒ අනූවයි හිටපු පොලිස්පතිවරයා තවදුරටත් අධිකරණය හමුවේ පෙනී සිටීම දිගින් දිගටම මග හැරියහොත් ඔහුගේ වත්කම් අත්හිටුවිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසා තිබුණා.
දේශබන්දුගේ වත්කම් අත්හිටුවන්න පුලුවන්