වසර 25කට පසු, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් රජය, 1980 දශකයේ අගභාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වධහිංසා පැමිණවීම් සහ අධිකරණයෙන් පිටත ඝාතන සම්බන්ධයෙන් දේශපාලන සම්බන්ධතා පිළිබඳව විස්තර කරන දිගුකාලීන මතභේදයට තුඩු දුන් බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සන්ඩේ මෝනිං පුවත්පතට පවසා තිබේ.
බත්තරමුල්ල නිවාස යෝජනා ක්‍රමයේදී සිදු වූ අපයෝජනයන්ට හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධය සාක්ෂ්‍ය සහිතව හෙළිදරව් කරන මෙම වාර්තාව, මෑතකදී අල් ජසීරා නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකින් පසු කතාබහට ලක් විය.
“සන්ඩේ මෝර්නිං” පුවත්පත විසින් වෛද්‍ය ජයතිස්ස මහතාගෙන් විමසූ විට, ඔහු වික්‍රමසිංහ මහතාට එරෙහි චෝදනා පිළිගනිමින් ‘වික්‍රමසිංහ මහතා බටලන්දට සම්බන්ධ වුණ බව අපි කවුරුත් දන්නවා. එය පොදු සත්‍යයක්. අපට ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරන්න බැහැ‘ යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, කැබිනට් සාකච්ඡාවෙන් පසු තීරණයක් ගන්නා බව සඳහන් කරමින් රජය ගන්නා නිශ්චිත ක්‍රියාමාර්ග මොනවාද යන්න සඳහන් කිරීමෙන් ඔහු වැළකී සිට ඇත.
වාර්තාවේ සොයාගැනීම් මත පදනම්ව වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අවලංගු කළ හැකිදැයි විමසූ විට, වාර්තාවක් තිබෙන නිසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බව ඔහු කියා ඇත.
මාර්තු 6 වන දින අල් ජසීරා නාලිකාව විසින් විකාශය කළ මාධ්‍යවේදී මෙහ්දි හසන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී වික්‍රමසිංහ බටලන්ද කොමිසම ගැන පිළිතුරු දුන්නේය. රනිල් වික්‍රමසිංහ එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කර තිබුණේ එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව කියමිනි. කෙසේ වෙතත් ජනාධිපති කොමිෂන් සභාවක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු නැත.
පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව කියා තිබුණේ, බටලන්ද වාර්තාවට අදාලව පියවර ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ක්‍රියාකරීන් මෙන්ම එහිදී වධහිංසාවට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් පියවර ගත යුතු බවත්, වාර්තාවෙන් නිර්දේශ කර ඇති ආකරයට රනිල් වික්‍රමසිංහගේ ප්‍රජ අයිතිය අහෝසි කළ යුතු බවත්ය.
