පාස්කු ප්‍රහාරයේ මහමොළකරු මම දන්නවා- ඥානසාර හිමි

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා බවත් එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඊයේ (6) පෙරවරුවේ මහනුවරදී මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනෙ.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි,

”මේකේ මහමොළකාරයෙක් ඉන්නවා කියලා කිව්වා, දැන් හොයනවද මහමොළකාරයෝ, මම වගකීමෙන් කියනවා මම දන්නවා මහමොළකාරයා. හැබැයි ඒක මාධ්‍යට කියන්නෙ නැහැ.මාධ්‍යට කියනවා,රටේ ජනාධිපතිටයි ආරක්ෂාව භාරව ඉන්න මහඋන්ටයි කියලා. මහමොළකාරයාගෙ පැටිකිරිය දන්නවා, ඇසුරු කරපු අය දන්නවා,මහමොළකාරයා හිටපු තැන දන්නවා, ඔහු සහරාන්ව පුහුණු කළ අයුරු දන්නවා, ඔහුව මෙහෙයවපු විදිහ දන්නවා මරාගෙන මැරෙන්න.

කිසි ප්‍රශ්නයක් නැ..මම දන්න බව රටට කියන්න. එතකොට මුල ඉඳන්ම් මේක පටන්ගන්න පුලුවන් නේ. කාගෙ ලියුම් වලින්ද ආවේ, ඒවා හෙළි කරන්න සූදානමින් ඉන්නේ. ඇවිල්ලා තොරතුරු ටික කියන්නම්”

Author

Related Posts