වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
ඒ, 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණවලට අදාළව වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා පසුගියදා (04) අධිකරණයට භාර වූ අතර, ඉන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරුණා.
