දයාසිරිට සුගත් හගපු කනේ පාර

එක්තරා මන්ත්‍රීවරයෙක් තමන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය තුළින් ඔහුගේ ආත්මය එළියට පෙන්නුම් කළ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පවසා සිටියා.

ඒ අනුව අදාළ මන්ත්‍රීවරයා තමාගේ දැනුම හා අවබෝදය හෑල්ලුවට ලක්කර ඇති බව පැවසු සුගත් වසන්ත මන්ත්‍රීවරයා ඊයේ (05) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.

තමන් ගැන නොදන්නා කෙනෙක් එම ප්‍රකාශය සිදු කළේ නම් දුකක් නොමැති බව පැවසු සුගත් මහතා තමන්ගේ​ම අතේ එල්ලී ‘අයියේ, අයියේ’ කියා පවසා, දේශපාලන නරි නාඩගම් නැටූ පුද්ගලයෙක් අතින් තමාගේ දෘශ්‍යාබාධිතභාවය ගැන මෙන්ම තමාගේ අවබෝධ​ය, දැක්ම සම්බන්ධයෙන් නිග්‍රහයට ලක්කිරිම කණගාටුදායක බව ප්‍රකාශ කළා.

මෙහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ,

එසේම ඉතිහාසය විශේෂවේදී ප්‍රථම පංතියේ සාමාර්ථයක් ඇති පුද්ගලයෙක් ලෙස, නොදැක්කද, නොපෙනුනද තමන්ට අවුරුදු 76 ක සාපය ගැන ප්‍රකාශ කළ හැකි බව සුගත් වසන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

ප්‍රහාරකයා අශිෂ්ඨ සම්පන්න වුවත් ප්‍රතිප්‍රහාරකයා අශිෂ්ට සම්පන්න වියයුතු නැහැ කියලා අදහසක් මුහුණු පොතේ ලියවිලා තියෙනවා එක්කෙනෙක්ගේ අතින්.ඔව් ප්‍රතිප්‍රහාරකයා අශිෂ්ට සම්පන්න නොවෙන්නේ ප්‍රහාරකයාගේ අණ නිසා නෙවෙයි.මග පෙන්විම නිසා නෙවෙයි.අපි ශිෂ්ට සම්පන්වෙන්නේ අපේ හැදියාව දේශපාලන දැක්ම…….එක්තරා මන්ත්‍රීවරයෙක් මා සම්බන්ධයෙන් කියපු කාරණයක් ඔලුවට එනවා එක මන් හිතන්නේ ඔහු පාර්ලිමේන්තුවේදිවත් ස්කොලෙකදිවත් නෙමෙයි කිවුවේ නිදහස් පරිසරයක් තුළ.ඒ ප්‍රකාශය ඔහුගේ ඇතුලාන්තය ආත්මය එළියට පෙන්නන දෙයක්. ඔහු ඉතා හෑල්ලු විදියට මගේ අවබෝධය මගේ දැනුම මගේ බුද්ධිය හෑල්ලු කරලා තියෙනවා.ඇත්තටම මට දුක නැහැ අපිව ගැන හරියට නොදන්න පිටස්තර විශ්ව විද්‍යාලයක වෙන තැනක කෙනෙක් එහෙම කිවුවනම්.අපේම අතේ එල්ලිලා අයියේ අයියේ කිය කිය ඇවිල්ලා දේශපාලන නරිනාඩගම් නටාපු කෙනෙක්.මට දුක ඒ වගේ කෙනෙක්ගේ කටින් මගේ දෘශ්‍යාබාධිත භාවය මගේ අවබෝධය මගේ දැක්ම පළිබඳ කරපු නිග්‍රහයට.ඒ මන්ත්‍රීතුමට කියන්න කැමතියි මට පුලුවන් කෙනෙක් ගේ අතින් අල්ලගෙන මේ කවුද කියලා නම කියන්න.එක් අපිට තියන හැකියාවක් කුසලතාවයක්.හැබැයි සභාපතිතුමිය අපිට කියන්න බැහැ අතින් අල්ලගෙන ඒ යකාගේ පපුව ඇතුලේ තියන බ්ලේඩ් ගැන වීදුරු කටු,කටුකම්බි ගැන .අපිට කියන්න පුලුවන් එයාගේ නම විතරයි.එහෙම හැකියාවක් තිබුණ නම් හරිම ප්‍රයෝජනවත් එහෙමනම් මම කවදාවත් එතුමගේ අතින් වැරදිලාවත් අල්ලන්නේ නැහැ…….

Author

Related Posts