රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව;පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව වශයෙන් පිළිගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

ඒ අනුව, සියලු ම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යභාරයන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030දී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මූර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථීක වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින් පොහොසත් රටක් -ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.

ආර්ථික, සමාජයීය, පාරිසරික හා දේශපාලන ඇතුළු සියලු අංශ නියෝජනය වන පරිදි පරිසමාප්ත ජීවිතයක් – සුවපහසු රටක්, ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත රටක්, නවීන ජීවිතයක් – පොහොසත් රටක්, අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක් වශයෙන් ප්‍රධාන ක්ෂේත්‍ර 04ක් යටතේ එය ගොනු කර ඇතැයිද රජය පවසනවා.

එසේම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට උප ක්ෂේත්‍ර 40ක් හඳුනාගෙන තිබෙන බව ත් එම ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රතිපත්ති, මූලධර්ම සහ ගතයුතු ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන තිබෙන බව ත් සඳහන්.

Author

Related Posts