මම කාගෙවත් චරිත ඝාතනය කරන්නෙ නැහැ – නාමල්

මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

එම යෝජනාව සඳහා අසත්‍ය ප්‍රකාශ සිදුකරනවාට අකමැති සියලුදෙනා ඡන්දය භාවිතා කරනු ඇති බව කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“පාර්ලිමේන්තුව ඇතුළේ අසීමිත විදියට බොරු කියනවා. මොකද ඒ වරප්‍රසාදයක් දීලා තියෙන නිසා. ඒක දීලා තියෙන්නේ ජනතා ප්‍රශ්න ඇති සැටියෙන් කියන්න මිසක් බොරු කියන්න නෙමෙයි. එය වෙනස් විය යුතුයි. ඒක අවභාවිත කරනවා නම්, ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරි ගෙනල්ලා ඒක වෙනස් කරන්න කටයුතු කරනවා. අපි බලමු පාර්ලිමේන්තුවේ බොරු කියනවා ට 225න් කී දෙනෙක් විරුද්ධ ද කියලා. අපි ඇත්ත කතා කරනවා නම් අපිට ඒ අයිතිය ඕනේ නෑනේ. මට ඕනේ නෑ. මම පාර්ලිමේන්තුවේ දීවත් එළියේවත් මම නොකරපු දෙයක් කියන්නෙත් නෑ, කරන්න බැරි දෙයක් කියන්නෙත් නෑ සහ තව කෙනෙක්ගේ චරිතය මම ඝාතනය කරන්නෙත් නෑ. ජනතාව මුලා කරන අය මේකට විරුද්ධ වෙයි.”

Author

Related Posts