ගණේමුල්ල සංජීවගේ මරණ පරීක්ෂණ වාර්තාව

සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව නමැත්තාගේ මරණ පරීක්ෂණ කටයුතු අද සිදු කරණු ලැබුවා.

එහිදී අනාවරණය වුණේ සංජීවගේ මරණය වෙඩිතැබිම නිසා පපුව, උදරයට සහ ඔලුවේ අභ්‍යන්තර ඉන්ද්‍රයින්ට සිදුවු බහුවිධ තුවාල නිසාවෙන් සිදුව තිබෙන බව කොළඔ මහේස්ත්‍රාත්වරිය අද (28) තීන්දු කළා.

මෙහිදි මරණ සහතිකයද නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මරණ පරීක්ෂණයේ අවසාන සාක්ෂිකාරිය ලෙස සංජීවගේ සහෝදරිය අද සාක්ෂි ලබා දී තිබුණා.

පසුගිය 19 වනදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්ති කූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණා.

Author

Related Posts