නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රට ගිහින්; නිලන්තගේ නඩුවත් කල් ගිහින්

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විදේශගතවී සිටීම සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ සීමිත විරෝධතා විනිසුරුවරුන් වෙත නොලැබීම නිසා අද දිනට නියමිතව තිබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහි නඩු විභාගය ලබන ජුනි 12 වැනිදා තෙක් කල් තැබීමට අධිකරණය නියෝගය කළා.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම නඩුව අද(27) කැඳවුවා.

පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අදාලව තොරතුරු ලැබී තිබියදීත් ප්‍රමාණවත් ලෙස එය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස නියෝගයක් ඉල්ලමින් මෙම නඩුව පවරා තිබෙනවා.

ඒ සමාජය හා සාමයික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වූවකුගේ පියකු විසින්.

Author

Related Posts