මගෙ අම්මට බැන්නා! තමන් කළ අපහාසයක් ගැන කට උත්තරයක් දෙන්න ඇවිත් ඉරාජ් ගතු කියයි

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබෙනවා.

ඒ ඔහුට එරෙහිව කර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහායි.

තමාට එරෙහි පැමිණිල්ල දැමු පුද්ගලයා විසින් ඔහුගේ යූටියුබ් නාලිකාව හරහා තම දෙමාපියන්ට සහ ස්වාමීන් වහන්සේලාට අගෞරව කරමින් සිටින බව පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඉරාජ් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ ඉරාජ් වීරරත්න,

“මට විරුද්ධව යූටියුබ් චන්ඩියෙක් පැමිණිල්ලක් දාලා.ජනාධිපතිතුමනි මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න..මේ පුද්ගලයාගේ යූටියුබ් නාලිකාවට ගියොත් මේ පුද්ගලයා මගේ දෙමාපියන්ට, මේ රටේ ස්වාමීන් වහන්සේලාට නිද්දිත විදිහට අපහාස කරනවා.ජැක්සන් ඇන්තනී,ක්‍රීඩකයින්ට යූටියුබ් එකේ අඟිල්ල දික්කරමින් කුණුහර්ප කියමින් බනිනවා…… 

මේ ගැන විවිධ පාර්ශවවලින් මට තොරතුරු ඇවිල්ලා තියෙනවා. මගේ නාලිකාව හරහා විවිධ දේවල් හෙළිකරලා තියෙනවා..”

Author

Related Posts