නඳුන්ගේ නඩුවක් කල් ගිහින්;උසාවි ගෙනත් නැහැ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න (හරක් කටා) ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව “ස්කයිප්” තාක්ෂණය ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා

එහිදී බන්ධනාගාර භාරයේ පසුවන නඳුන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආරක්ෂක හේතුන් මත එම විත්තිකරු අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම් දුන්නා.

එමෙන්ම අදාළ නඩුව “ස්කයිප්” තාක්ෂණ විභාග කිරීමට අවසර දෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලීම් කෙරුණා.

මේ සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය මාර්තු මස 17 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළා.

Author

Related Posts