වාහන ආනයනයට අවසර දීමෙන් පසුව ශ්‍රී ලංකාවට එන පළමු නැව් දෙක අද (26) සහ හෙට (27) මෙරටට පැමිණීමට නියමිතයි.
අලුත් ම කැබ් රථ වාහන සමග තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට එන පළමු නැව කොළඹ වරායට අද පැමිණීමට නියමිත අතර ජපානයේ සිට එන පළමු නැව හෙට හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බව පැවසෙනවා.
මෙම නැව තායිලන්තයේ සිට කැබ් රථ සමග මෙරටට පැමිණීමට නියමිත අතර ආර්ථිකයේ ඇති වූ අර්බුද හේතුවෙන් 2021 වසරේදී වාහන ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළ පසු එන පළමු නැව මෙයයි.
කෙසේ වෙතත්, මිල දක්වන්නේ නැතිව වාහන විකුණන අයගෙන් පාරිභෝගිකයන් ප්‍රවේශම් විය යුතු බව ආනයනකරුවෝ සඳහන් කරනවා.
ලංකාවේ භාණ්ඩයක් ප්‍රදර්ශනය කරන විට එහි මිල දර්ශනය තිබිය යුතු බව ත් ඒ ඒ මාදිලියට අදාළ මිල පැහැදිලිව පෙන්විය යුතු බවත් ආනයනකරුවන් පවසනවා.
ඒ අනුව,වාහනවල මිල නැතිව ප්‍රචාරණ කරන්නන් ගැන පාරිභෝගික කටයුතු අධිකාරිය බලාගෙන සිටින බව ත් වැඩි මිලට වාහන විකිණීමට කිසිවෙකුට නොහැකි බව ත් ආනයනකරුවෝ පෙන්වා දෙනවා.
1969 අංක 1 දරන ආනයන අපනයන පාලක නියාමන පනත යටතේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අස්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව ගෘහස්ථ පරිභෝජනය සඳහා වාහන ආනයනය කෙරේ.
උණු උණුවෙම ගන්න බලන් ඉන්න; පළමු වාහන නැව් දෙක එනවා
