පාසල් සිසුවකුට පහරදුන් නියෝජ්‍ය විදුහල්පතිට ඇප

පාසල් සිසුවකුට පහරදීම සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් අද (26) අත්අඩංගුවට ගත් කුරුණෑගල ඩී බී වෙලගෙදර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ 48 හැවිරිදි සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා අද ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට පැමිණි පසු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති බවයි.

මෙම පැමිණිල්ල සමත මණ්ඩලය වෙත යොමු කරන බව පොලිසිය පවසනවා.

කෙසේවෙතත් ළමා රක්ෂණ අධිකාරියේ ප්‍රකාශකයකු සඳහන් කළේ දරුවන් කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පොලිසිය මීට වඩා තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

Author

Related Posts