වැඩිම පඩි වැඩිවීම වුණේ යහ පාලන ආණ්ඩුව කාලේ

ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වි ඇති නිසා සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේග මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, අද (25) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“අඩු ගණනේ බෙහෙත් මිලවත් අඩු කර නැහැ. යහ පාලන ආණ්ඩුව කාලේ බඩු දාසයක මිල දිගටම අඩු කරලා තිබුණා.මේ අවුරුද්දට සහන මල්ලක් දෙන්නේ මොකද? මේ පළාත් පාලන ඡන්දෙට දෙන අල්ලසක්.ආණ්ඩු කටයුතු කරන්නේ මෙහෙමද? “

මේ රටේ වැඩිම පඩි වැඩිවීම වුණේ යහ පාලන ආණ්ඩුවේ. හැම රජයේ සේවකයෙක්ගේ අවම වශයෙන් 107%ක් පඩි වැඩි වුණා….

අපි පක්ෂයක් විදිහටත් විපක්ෂයේ කණ්ඩායමුත් අද මේ අයවැයට විරුද්ධව ඡන්දේ දෙන්න තීන්දු කරලා තියෙනවා…”

Author

Related Posts