ගණේමුල්ලේ සංජීවට උසාවිය තුළදී වෙඩි තැබූ දිනයේ එම උසාවි මැදිරියේ සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි විමසීමට නියමිතව තිබූ අතර ගණේමුල්ලෙ සංජීව නමැත්තා විවෘත අධිකරණයට ගෙන ඒමට විශේෂ හේතුවක් තිබේදැයි මහෙස්ත්රාත්වරිය විමසූ බවත් එයට පිළිතුරු දීමට හදනවාත් සමග ම වෙඩි තැබීම සිදුවූ බව පසුගියදා සිදුවූ නමගිය අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණය කොළඹ මහේස්ත්රාත් අධිකරණයේදී පැවති අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් අනුර විජේසිරි (83670) ප්රකාශ කළ බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.
ඊයේ (24) කොළඹ අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනී පතිරණ හමුවේ පැවති මෙම මරණ පරීක්ෂණයේදී කොස්තාපල්වරයා තවදුරටත් මෙසේ පවසා තිබෙනවා,
‘මම නවයයි පහළොවට පමණ අධිකරණයට ආවා. එදින සූම් තාක්ෂණය ඔස්සේ නඩු කැඳවීමට නියමිතවයි තිබුණේ. සැකකරුවන් කිසිවෙක් විවෘත අධිකරණය තුළ සිටියේ නැහැ. බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙක් හා නීතිඥවරු දහ දෙනකු පමණ සිටියා. ඒ අවස්ථාවේ පෙරවරු නවයයි හතළිස් පහට පමණක් බන්ධනාගාර නිලධාරීන් ගණේමුල්ල සංජීව නමැත්තාව විවෘත අධිකරණය තුළට රැගෙන විත් එහි බංකුවක් මත වාඩි කළා. නීතිඥවරු දිනපතා පැමිණ ඒ අයට නියමිත ස්ථානයේ වාඩිවී සිටින නිසා ඒ අයවලුන් පිළිබඳව සැකයක් ඇති වුණේ නැහැ.
ගණේමුල්ල සංජීව නමැත්තාගේ නඩු කැඳවීමක් සිදු කළා. ඔහු සිටියේ විත්තිකූඩුවේ නඩුවක් ගැනීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරිය බන්ධනාගාර නිලධාරීන් වෙතට ප්රශ්නයක් යොමු කරමින් ‘විත්තිකාර ගණේමුල්ල සංජීව නමැත්තා විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමට විශේෂිත හේතුවක් තිබෙනවා ද’ යනුවෙන් විමසීමක් කළා. ඒ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් එම පැනයට පිළිතුරු ලබා දීම සඳහා මහේස්ත්රාත්වරිය වෙතට ගිය බවත් ඒ අවස්ථාවේ සියලු දෙනාගේ අවධානය යොමුව තිබූ බව ද ඔහු පැවසුවා.
මහේස්ත්රාත්වරිය වෙත ගිය බන්ධනාගාර නිලධාරියකු ‘ස්වාමීනී අංක නවය’ කියා ප්රකාශ කරන විට ම වෙඩි තැබීමක් සිදුවූ බවද තත්පර තුනක් වැනි කාලයක් තුළ එම සිද්ධිය සිදු වූ බව ත්වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී රුක්ෂාන් නමැති කොස්තාපල්වරයා ‘අන්න ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා වෙඩි තිබ්බා ඔහුව අල්ලන්න’ යනුවෙන් කෑ ගැසූ බව ත් සඳහන් කර සිටියා.
පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් ඒ අවස්ථාවේ ඇවිත් සිටි නමුත් ඔවුන් අධිකරණයේ දොර අසල සිටියාද පඩි පෙළෙන්. පහළ සිටියාද යන්න පිළිබඳව තමන් නොදන්නා බවද ඔහු පවසා සිටියා.
තමන් වෙඩි තැබූ පුද්ගලයා පසුපසින් ගොස් නැවත පැමිණ බලන විට ගණේමුල්ල සංජීව නමැත්තා විත්තිකූඩුව තුළ වැටී සිටි බව ත් ඒ ඉදිරිපිට රිවෝල්වරයක් බිම වැටී තිබුණු බව ත් ඔහු සාක්ෂි ලබාදෙමින් වැඩිදුරට ත් සඳහන් කළා.
මෙම මහෙස්ත්රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබාදුන් නීතිඥ ප්රියංග පුෂ්පකුමාර සමරනායක මහතා, ඊයේ කොළඹ අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනී පතිරණ හමුවේ ප්රකාශ කළේ, නීතිඥවරයෙකු මෙන් සැරසී සිටි පුද්ගලයා විත්ති කූඩුවේ සිටි ගණේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමට යන බව හැඟුණු නිසා තමා ඒ බව අතින් ඉඟිකර පෑලියගොඩ පොලිසියේ රුක්ෂාන් නමැති කොස්තාපල්වරයාට දැනුම් දෙනවාත් සමඟම වෙඩි හඬක් පිටවූ බව යි.
ඒ අවස්ථාවේදී කොස්තාපල් රුක්ෂාන් ‘අන්න නීතිඥවරයෙක් ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබුවා වෙඩි තැබුවා’ යනුවෙන් කෑ ගැසූ බව ද ප්රකාශ කළා.
එදින පෙරවරු නමයයි තිහට අධිකරණයේ කටයුතු ආරම්භ කෙරුණු බව ත් ඒ වන විට එහි බන්ධනාගාර නිලධාරීන් හා නීතිඥවරු පස් දෙනෙක් හෝ හය දෙනෙක් සිටි බව ත් ඔහු පැවසුවා.
මහේස්ත්රාත්වරිය නඩු විභාගයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ කළු කෝට් එකකින් සැරසුණු කෙට්ටු උස පුද්ගලයෙකු දොරෙන් විවෘත අධිකරණයට ඇතුල් වී නීතිඥවරුන් වෙනුවෙන් වෙන්කර තිබෙන ආසනයක වාඩිවූ බව ද ඔහු සඳහන් කළා.
තමා පෙනී සිටින නඩුවකට අදාළ සිහිකැඳවීම් ලිපියක් සම්බන්ධයෙන් විමසීම සඳහා තමන් අධිකරණ රෙජිස්ට්රාර්වරයා අසලට ගිය බව ත් ඒ අවස්ථාවේදී නීතිඥවරු වෙනුවෙන් වෙන්කර තිබෙන මේසය අසල නීතිඥවරයෙකු වැනි පුද්ගලයෙකු සිටගෙන සිටි බව ත් ඔහු පැවසීය.
ඒ අවස්ථාවේ ගණේමුල්ල සංජීව නමැත්තා විත්ති කූඩුවේ සිටි බවත් ඔහුගේ පළමු නඩුව කැඳවා දෙවැනි නඩුව ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ‘ඇප තැබීමට කැමැතිදැයි’ මහෙස්ත්රාත්වරිය විත්තිකූඩුවේ සිටි ගණේමුල්ල සංජීවගෙන් විමසා සිටි අවස්ථාවේදී ‘ඇප තියන්නේ නැහැ’ යනුවෙන් ඔහු ප්රකාශ කළ බවද නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවා.
මෙම සිද්ධියට ‘අදාළ කැඳවීම් නියෝගයක් නොමැතිව ගණේමුල්ල සංජීව නමැත්තා අධිකරණය හමුවට කැඳවූවේ ඇයි ද’ යන්න පිළිබඳව මහේස්ත්රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ගේ විමසා සිටි බවත් එහි සිටි නිලධාරියෙක් ඊට පිළිතුරු ලබා දීම සඳහා මහේස්ත්රාත්වරිය අසලට ගිය අවස්ථාවේ නීතිඥවරයකු ලෙසින් සැරසී සිටි පුද්ගලයා වෙඩි තැබීමක් සිදු කිරීමට සූදානම් වන බවට හැඟුණු නිසා තමා ඒ බව වෘක්ෂාන් නමැති පොලිස් කොස්තාපල්වරයාට අතින් ඉඟිකළ අවස්ථාවේදී ක්ෂණිකව එම වෙඩි තැබීම සිදු වූ බවද නීතිඥවරයා සාක්ෂි ලබා දෙමින් වැඩිදුරට ත් සඳහන් කළා.
සාක්ෂි ලබාදුන් පොලිස් පොලිස් කොස්තාපල් තරංග ධනංජය,
මම පෙරවරු හයයි තිහත් හතයි තිහක් හතර කාලය තුළ අධිකරණයට ආවා. අධිකරණ කටයුතු නවයයි තිහට පමණ ආරම්භ කළා. ඒ වෙලාවේ අධිකරණ සිරමැදිරිය තුළ සැකකරුවන් කීපදෙනෙක් සිටියා. විවෘත අධිකරණය ශාලාව තුළ සිටියේ බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු හා නීතිඥවරුන් පිරිසක් පමණයි.
ඒ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් සැකකාර ගණේමුල්ල සංජීව නමැත්තාව රැගෙනවිත් විවෘත අධිකරණයේ බංකුවක් මත වාඩි කළා. ‘අධිකරණ සිරමැදිරියේ තබන්නේ නැතිව ඔහුව විවෘත අධිකරණයේ බංකුවේ වාඩි කරන්නේ ඇයිදැයි තමා බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේදී. ‘ ඇතුළේ ඉන්න අය සමග මෙයා ප්රශ්න දාගන්න නිසා විවෘත අධිකරණයට ගෙනාවා’ යනුවෙන් එම නිලධාරීන් තමාට පැවසූ බව ත් ‘එහෙනම් මහේස්ත්රාත්වරිය අහන ප්රශ්නවලටත් ඔයාලා උත්තර දෙන්න’ යනුවෙන් ඒ අවස්ථාවේ තමන් ඔවුන්ට පැවැසූ බව ත් ඔහු සඳහන් කළා.
සැකකාර ගණේමුල්ල සංජීව නමැත්තාගේ දෙවැනි නඩුව ගෙන තෙවැනි නඩුව ගැනීමට සූදානම් වූ අවස්ථාවේ වෙඩි ප්රහාරයක් සිදුවූ බවත් මහේස්ත්රාත්වරිය බියට පත්වී මහේස්ත්රාත් ආසනය යට වාඩිවී සිටි බවත් තමන් මහේස්ත්රාත්වරියගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු පැමිණ බලන විට ගණේමුල්ල සංජීව නමැත්තා විත්තිකූඩුවේ වැටී සිටි බව ත් විත්තිකූඩුව ඉදිරිපිට රිවෝල්වරයක් වැටී තිබෙනු දුටු බව ත් ඔහු සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත් පැවසුවා.
මෙහිදී අධිකරණ භාෂා පරිවර්තිකාවද සාක්ෂි ලබා දුන්නා. කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන් බණ්ඩාර සාක්ෂි මෙහෙයවා තිබෙනවා.
සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විමසීම මෙම මස 27 දිනට කල් තැබිණි.
සංජීව විවෘත අධිකරණයට ගෙනා හේතුව මහෙස්ත්රාත්වරිය අසනවාත් සමග ම වෙඩි තිබ්බා: මහේස්ත්රාත් පරීක්ෂණයේදී සාක්ෂි දීලා
