අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා AI තාක්ෂණය සහ අනෙකුත් නව තාක්ෂණික උපාංග කඩිනමින් භාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ (24) පරිසර අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු රජයේ විශ්වවිද්‍යාල කිහිපයක් විසින් හඳුනා ගත් නවීන තාක්ෂණික උපක්‍රම සහ උපාංග පිළිබඳව දැනුවත් කිරීමක් මෙහිදි සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.
එමෙන්ම එම තාක්ෂණය කඩිනමින් ප්‍රායෝගිකව භාවිතයේ යෙදවීමට අදාළ ආයතන දැනුවත් කිරීමද මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, පරිසර අමාත්‍යංශයේ ලේකම් රෝහිත උඩුවාවල මහතා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතනයන්ගේ නිළධාරීන් මෙන් ම පරිසරවේදීන් නියෝජනය කරමින් රවින්ද්‍ර කාරියවසම් සහ සමන්ත ගුණසේකර යන මහත්වරුද සහභාගී වී තිබුණා.
අලි බේරගන්න AI සහය
