මිනීමැරුම් රැල්ල වළකන තදම පියවරක්! හමුදාවෙන් සැඟව සිටින්නන් අත්අඩංගුවට ගැනීමට නියෝග!

හිටපු හමුදා සෙබළුන් විසින් ඝාතන සිදු කිරීමේ රැල්ලක් පවතින පසුබිමක, ත්‍රිවිධ හමුදාවෙන් පළා ගොස් සිටින නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මේ පිළිබඳව සඳහන් කර සිටියා.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීමට පෙර රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පසුගිය 22 වැනිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් විසින් හිටපු හමුදා සෙබළුන් ඝාතන සිදු කරන තත්වය පිළිබඳ විමසා තිබුණා. එයට ප්‍රතිචාර ලෙස ඔහු සඳහන් කළේ, එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මීට කෙටි කාලයකට පෙර විධානයක් ලබා දුන් බවයි.

ඒ අනුව, එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු කළ අදහස් දැක්වීම මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන බව පෙනී යනවා.

Author

Related Posts