බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්

බස්නාහිර හා දකුණු පළාත්වල අපරාධ ක්‍රියාකාරකම් මේ වනවිට ඉහළ ගොස් ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ඒ අනුව මේ වනවිට එම පළාත්වල ආරක්ෂාව තහවුරුකර ඇති බවයි.

කෙසේ නමුත් අධිකරණයෙන් පිටත ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතත්, ඇතුළත කටයුතු සඳහා පොලිස් නිලධාරීන් යොදවා නොමැති බවද පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, අධිකරණයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය මේ වනවිට පියවරගෙන ඇති බවයි.

පෞද්ගලික ආරක්ෂක අංශයක් විසින් අධිකරණය ඇතුළත ආරක්ෂක කටයුතු සිදුකරන බවත්, ඉදිරියේදී අදාළ පාර්ශව සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

2023 වර්ෂයේ සිට මේ වනවිට අපරාධ සිදුවීම්වල වැඩිවීමක් පෙන්නුම්කරන බව සඳහන් කළ වැඩබලන පොලිස්පතිවරයා, අපරාධකරුවන් විදේශගතව සිට පමණක් නොව බන්ධනාගාර තුළ සිටද ක්‍රියාත්මකවන බවද එහිදී කියා සිටියා.

කෙසේ වෙතත් නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් වැඩිකර ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Author

Related Posts