දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පති ලෙස පත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරුවරිය මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර මණ්ඩලයක් පත්කර තිබෙනවා.
එහි සභාපති ධුරය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා විසින් දරනු ලබනවා.
සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන් වන්නේ යසන්ත කෝදාගොඩ , ඒ.එච්.එම්.ඩී.නවාස්,ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුල යන අයයි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් එළබෙන සඳුදා (24) උදෑසන 9.30ට කැඳවීමට නියමිත බව පැවසෙනවා.
තරුණ ජනමාධ්යෙව්දින්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.
