නීති විද්‍යාලයට විදුහල්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් පැවැති ක්‍රියා පටිපාටිය වූයේ ඒ සඳහා ඉල්ලුපත් කැඳවා සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව විදුහල්පතිවරයකු තෝරාපත් කර ගැනීම වේ.කෙසේ නමුත් හිටපු විදුහල්පතිවරයා එම ධූරයෙන් හදිසියේ ඉවත් කරන ලද අතර ඉන් අනතුරුව වර්තමාන විදුහල්පතිවරයා කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් තොරව එම තනතුර සඳහා පත් කිරීමට කටයුතු කරන ලදි.
සාමාන්‍යයෙන් නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාට සංස්ථා හෝ මණ්ඩලවල ධ්‍යක්ෂක ධූර හෝ වෙනත් තනතුරු දරමින් විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ නොහැකි වුවත් වර්තමාන විදුහල්පතිවරයා සියපත ෆිනෑස්, ඇලී තියා ඉන්ටර්නැෂනල් ,සොෆ්ට්ලොජික් ගෘප්,SC සෙකුරිටීස් ඇසට්ලයින් ෆිනෑන්ස් ආදී වූ සමාගම් සහ මණ්ඩල රැසක අධ්‍යක්ෂක ධූර දරමින් විදුහල්පතිවරයා ලෙස කටයුතු කරයි.. ඒ හරහා ලැබැදියාවන්ගේ ගැටුමක් ද බරපතළ ලෙස නිර්මාණය වී ඇති බවටද චෝදනා එල්ල වී ඇත.
තව ද විදුහල්පතිවරයාගේ පුත්‍රයා නීති විද්‍යාලයේ ශිෂ්‍යයකු වශයෙන් කටයුතු කරන ලද අතර අවස්ථා කිහිපයකදී අවසන් වසර විභාගයට මුහුණ දී අසමත් වීම හේතු කොට ගෙන නැවත විභාගයට මුහුණ දීමට සූදානම් වෙමින් සිටී.
නව විදුහල්පතිවරයා පත්වීමෙන්න් පසුව මුලින්ම සිදුකොට ඇත්තේ අවසන් වසර සඳහා ශිෂ්‍යයන්ට උගන්වමින් සිටි පළපුරුදු ගුරුවරුන් ගණනාවක් කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් කිරීම වන අතර ඉන් අනතුරුව විදුහල්පතිවරයාට හිතවත් නීතීඥයින් කිහිපදෙනෙකු එම තනතුරු සඳහා පත් කොට ඇත. ඒ හරහා තමන්ගේ දරුවාගේ විභාගය සඳහා යම් අනුග්‍රහයක් එම ගුරුවරුන් හරහා ලබා ගැනීමට උත්සාහ දරන බවට ද සැකයක් මතුව ඇත.
මේ සම්බන්ධව දැනටමත් සංස්ථාපිත නීතිය අධ්‍යාපනය ආයතනය දැනුවත් කර තිබුණද ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව ශිෂ්‍යයන් පවසයි.
