මිද්දෙණිය වෙඩි තැබිමකින් පියා සහ දියණිය මරුට

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී ඊයේ (18) රාාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

එම වෙඩිතැබීමෙන් පියා සහ 06 හැවිරිදි දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස වෙඩි තබා තිබුණා.

එම වෙඩිතැබීමෙන් යතුරුදියේ ගමන්කළ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

යතුරුපැදියේ ගමන්කළ මරණකරුගේ පුතා සහ දියණිය තුවාල ලබා ඇති අතර දියණිය තංගල්ල රෝහලට හා පුතා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක් හා දියණිය වයස අවුරුදු 06ක් පමණ වන ගල්පොත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම වෙඩිතැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading