ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී තිබෙනවා.
රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබුණා.
අද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඇඟිළි සළකුණු ලබා ගැනීමෙන් අනතුරුව, චෝදනා භාර දී රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන10 බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා.
පූර්ව නඩු විභාගය සම්බන්ධ තීරණය සඳහා නඩුව මාර්තු 27 වන දිනට කල් තැබුණා.
