පුංචි ඡන්දේ පනත සම්මතයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 187ක් හිමිවුණා.

කෙසේවෙතත් කෙටුම්පතට විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ලබා නොදුන් අතර කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේද නැහැ.

ඉන් අනතරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ආරම්භ වුණා.

එහිදී පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර විපක්ෂ කිසිදු ඡන්දයක් භාවිතා කර තිබුණේ නැහැ.

කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී නොසිටි බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව විශේෂ බහුතර සම්මත් වූ බව කථානායකවරයා සභාවට දැනුම් දුන්නා.

Author

Related Posts