විදෙස්ගත ශ්‍රමිකයින්ටත් මෙවර අයවැයෙන් සහන

ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිරිගැන්වීම හා ත්‍යාග පිරිනැමීමේ ක්‍රම ගවේෂණය කරමින් සිටින බව ජනාධිපතිවරයා පවසා සිටියා.

අද (17) පාර්ලිමේන්තුවේ දී මංගල අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එහි පළමු පියවර ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු නිදහස් සීමාව වැඩි කිරීමට යෝජනා කර තිබෙන බවයි.

දීමනාව සඳහා වන නිර්ණායකයන් හා පදනම ප්‍රසිද්ධ කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

Author

Related Posts