නැගී එන ආයෝජක වර්ධනයට ගැලපෙන පරිදි ආර්ථික සංශෝධන පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය විසින් භාවිත නොකළ රජය සතු ඉඩම් බදු දෙන බවයි.
නිසරු බවට පත්වු ඉඩම් රැසක් මේ වනවිට හඳුනාගෙන තිබෙන බවද ජනාධිපතිවරයා පවසා සිටියා.
තවද අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ 2025 වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බවයි
සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සංවර්ධය කිරීම ඇතුළු සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
තවද, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක් ද හඳුන්වා දෙන බව පැවසු ජනපතිවරයා මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් නව ගමනාන්ත හඳුන්වා දෙමින්, Brand City නිර්මාණය කීරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා.
රජයේ ඉඩම් ගැන හා සංචාරක කේෂ්ත්‍රය ගැන අයවැයෙන් ගත් තීරණ
