”එක් ස්ථානයකින් සියලු සේවා” සංකල්පයක්

සියලු ම පුරවැසියන් සඳහා ඩිජිටල් අනන්‍යතා ඩිජිටල් හැඳුනුම්පත කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (13) අයවැය යෝජනාව ඉදිරිපත් කරමින්.

එමෙන් ම, ඩිජිටල් ආර්ථික බල අධිකාරියක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් රාජ්‍ය සේවය ඩිජිටල්කිරීමට අවශ්‍ය පියවර සඳහා අවශ්‍ය අනුමැතින් ‘එක් ස්ථානයකින් සියලුසේවා’ යන සංකල්පය ඇති කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

දත්ත රහස්‍යභාවය හා දත්ත ආරක්ෂණයට අදාළව නීති හා ආයතන ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසා සිටියා.

Author

Related Posts