කාන්තාවන් ඉලක්ක කර ගත් වැඩසටහන් සඳහා මිලියන 720ක්

ගැබිණි මව්වරුන්ට පෝෂණාධාරයක් ලබා දීමට රුපියල් මිලියන 7500ක් මෙවර අයවැයෙන් මුදල් වෙන් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද ( 17) අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම, ළමුන් හා මව්වරුන්ගේ පෝෂණය සඳහා ත්‍රිපෝෂ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක් වෙන් කර ඇතැයි ජනාධිපතිවරයා පවසා සිටියා.

තවද, ළමා හා කාන්තා හිංසන වැලැක්වීම, කාන්තා සවිබල ගැන්වීම හා කාන්තාවන් සුරැකීම වැඩසහනන සඳහා රුපියල් මිලියන 120ක් මෙවර අයවැයෙන් වෙන් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, කාන්තාවන් ඉලක්ක කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සඳහා දිවයින පුරා ව්‍යාප්ත ඇති කාර්යාල ජාලය පවත්වා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 720ක් වෙන් කර ඇති බවයි.

Author

Related Posts