2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ වන විට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය වන්නේ මෙයයි.
එහිදි ජනාධිපතිවරයා දැක්වූ අදහස්,
“2025 වර්ෂය සඳහා 5%ක ආර්ථික වර්ධනයක් අපි අපේක්ෂා කරනවා…අර්බුදය සමනය කිරීමේ ඇතැම් ක්‍රියාමාර්ග විශේෂයෙන් පිරිවැය මත බලශක්ති මිල ගැලපුම, බදු වැඩිකිරීම හා පොලිය වැඩිකිරීම පුරවැසියා මත පීඩනයක් එල්ල කළා.
“IMF කාර්ය අප විසින් තේරුම් ගෙන ඇති අතර, අපගේ ආර්ථික න්‍යාය පත්‍රිය අප විසින්ම සකසා කරගැනීම වෙනුවෙන් ආර්ථික ස්වෛරීත්වය අත්‍යවශ්‍ය බව අප වටහා ගෙන තිබෙනවා…අප බලයට පැමිණෙන විට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නියැලුණු අතර, එය වෙනස් කළහොත් රට අස්ථාවර විය හැකි බැවින් එයට බාධා කිරීමට අපට උවමනා වුයේ නෑ….අප බලයට පැමිණෙන විට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නියැලුණු අතර, එය වෙනස් කළහොත් රට අස්ථාවර විය හැකි බැවින් එයට බාධා කිරීමට අපට උවමනා වුයේ නෑ.”
“මෙම තීරණය ගැනීමේ දී ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා දැනටමත් වැය කර ඇති සැලකිය යුතු කාලය හා එම ක්‍රියාවලිය ප්‍රමාදවීමෙන් සිදුවිය හැකි පාඩුව ද අප සලකා බැලීය…..මේ තුළින් සැලකිය යුතු මට්ටමක ණය සහනයක් ලැබී ඇති අතර, ණය සේවාකරණයට අදාළව පිරිවැය සැලකිය යුතු ලෙස අඩුකරනවා.සීමිත බදු මුදල් ප්‍රමුඛතාවයෙන් පරිහරණය කිරීමේ ක්‍රමවේදයක් සකසනවා…..ආර්ථිකයේ විශාල ප්රජාතන්ත්රීකරණයක් අවශ්‍යයි..ආර්ථිකයේ සියලු ප්රතිලාභ ආර්ථික ක්‍රියාවලියට දායක කරගන්නවා.
“සාම්ප්‍රදායික මුදල් වෙන්කිරීමෙන් බැහැරව ප්‍රමුඛතා හඳුනාගෙන මුදල් වැය කළ අයවැයක්.දේශීය ව්‍යවසායකයා සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිගන්වන අයවැයක්.මූල්‍ය විනය සහ ආර්ථික දැක්මක් සහිතව ඉදිරිපත් කළ අයවැයක්..දුෂණය, නාස්තිය අවම කරමින් සාමුහික විනයෙන් නව ගමනක් කරා යන ක්‍රමවේදයක් සකසනවා…ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කිරීම අයවැයේ දර්ශනයයි”
5%ක ආර්ථික වර්ධනයක් ; ජනපති අයවැය ඉදිරිපත් කරමින් කියයි
