බලශක්ති ඇමති හා ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී එම හමුව සිදුව ඇති බව සඳහන්.

බලශක්ති අමාත්‍යවරයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේ දී දෙරට අතර බලශක්ති හවුල්කාරීත්වයේ විවිධ පැතිකඩ සමාලෝචනයට ලක් වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

මේ අතර ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් ද පසුගියදා පවත්වා තිබුණා.

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස එහිදී අදහස් හුවමාරු වී ඇති බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

අදානි සමාගම විසින් මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ව්‍යාපෘතිවලින් ඉවත්වන බවට නිවේදනය කර ඇති පසුබිමක එම සාකච්ඡා පැවැත්වීමද විශේෂත්වයක්.

Author

Related Posts