මාලිමා මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ගේ ඥාති සහෝදරයා රිමාන්ඩ්

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ ඥාති සහෝදරයා එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුව මාරවිල වැඩබලන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

කොස්වත්ත, හාල්දඩුවන ප්‍රදේශයේදී ඊයේ (14) උදෑසන මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවට එමින් සිටියදී මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවට වාර්තා වුණා.

අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා මියගොස් තිබු අතර අනතුර සිදුවන අවස්ථාවේ රථයේ රියදුරු ලෙස කටයුතු කළ මන්ත්‍රීවරයාගේ ඥාති සොහොයුරාව කොස්වත්ත පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා.

Author

Related Posts