මන්නාරම ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කළ ඩොලර් බිලියන එකක ආයෝජනයක් සහිත සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.
ඒ අනුව මේ වන විටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අදාළ සමාගම විසින් දැනුම් දී තිබෛන බවයි පැවසෙන්නේ.
ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය කෙරෙන බොහෝ අනුමැතීන් ලබාගෙන තිබියදීත්, සහ තවමත් නොවිසඳුණු පාරිසරික නිෂ්කාශන ක්‍රියාවලින්න්ට අදාළ ගැටලු සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පැවතීම ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මතුව ඇති ප්‍රමාදය අදාළ සමාගම සඳහා ඉවත් වීමට තීරණ කිරීමට බලපා ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.
මෑතකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ දූත පිරිස නවදිල්ලි නුවරට කළ සංචාරයේදී, අදානි ව්‍යාපෘතිය පිළිබඳව ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා කළ නමුත් අදානි විසින් උපුටා දක්වන ලද ගාස්තු ඉතා ඉහළ බව ජනාධිපතිවරයා දැඩි ලෙස පවසා සිටියා.
එහිදී ඉන්දීය පාර්ශවය ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙම කාරණය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා සඳහා සූදානම් බවයි.
මැයි මාසයේදී සලකා බැලීමට නියමිතව තිබූ අදානි කාරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව බලාපොරොත්තුවෙන් සිටින බවත් පසුව පමණක් වැඩිදුර තීරණයක් ගන්නා බවත් රජය එවිට පවසා 

අදානි ඩොලර් බිලියනයක සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත් වෙලා
