STF අණදෙන නිලධාරී ඇතුළු පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව පෙබරවාරි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.

මෙහිදී, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇති අතර, නියෝජ්‍ය පොලිස්පති ඩීජීඑස් ද සිල්වා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී තනතුරට පත් කර තිබෙනවා.

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුටද මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව වාර්තා වෙනවා.

ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්‍ය රාජකාරී සඳහා යොමුවිය යුතු බවට ද තීරණය කර තිබෙනවා.

මෙම ස්ථාන මාරුවීම් පිළිබඳ දන්වමින් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්,

Author

Related Posts