ආණ්ඩුවට නීතිපතිවරයාගේ කටයුතු කෙරෙහි බලපෑම් කිරීමට ඉඩ නොදෙන බවත්, නීතිපතිවරයාට ස්වාධීනව වැඩ කිරීමට ඉඩ දිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළා.
නීතිපතිවරයාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැඳවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කීවේ, නීතිපතිවරයාට එරෙහිව නලින්ද ජයතිස්ස මහතා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවයි.
ඉතාම භයංකර තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මං හිතන්නේ වෛද්‍යවරයෙක් වුණත් නලින්ද ජයතිස්ස කියන පුද්ගලයා ඉතාම, මේ රට මහ භයානක තැනකට ගෙනියන්න උත්සාහ දරමින් ඉන්නවා. මොවුන්ට මූලික වශයෙන් අවබෝධ්යක් නෑ රටක අධිකරණය වධායකය සහ ව්‍යවස්ථාදායකය කියන්නේ එකිනෙකින් ස්වාධීන ආයතන තුනක් කියන එක. අධිකරණයට බලපෑම් කරන්න, මේ රටේ අපි නිදහසේ ජීවත් වෙන්නේ. කවදාවත් කිසිම රජයක් අධිකරණයට බලපෑඹ් කරලා නෑ. අධිකරණ ක්ෂේත්‍ර යේ ප්රධෘන පුරුකක් වන නීතිපතිවරයාට ප්‍රසිද්ධියේ තර්ජනය කරන තත්වක් තියෙනවා. රටක ප්රජාතන්ත්රවාදයට ඉතාම අහිතකර තත්වයක්. තමන්ට ඕනෑ ආකාරයට නීතිපතිවරයාට කියලා කටයුතු කරන්න බෑ නීතිපතිවරයා කියන්නේ ස්වාධීනව සාක්ෂි තියෙනවා නම් සාක්ෂි මත කටයුතු කරන පු්ගයෙක්. අපි දැක්කා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉතාම බැරෑරුම් ප්‍රකායක් කරනවා. නීතිපතිවරයා සම්න්ධයෙන් කමිටුවක් ඉදිරියට කැඳවනවා වගේ අදහසක් එන ප්‍රකාශයක් කළා. මෙවැනි දෙයක් කරන්න බෑ නීතිපතිවරයා කින්නේ ආණ්ඩුවට ඕනෑ විදියට නඩු දාන පුද්ගලයෙක් නෙවෙයි සාක්ෂි අනුව කටයුතු කරන පුද්ගලයෙක්.
