සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට පිළිබදව අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේ නීතිපතිවරයා ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව අධ්‍යයන කරමින් සිටින බවයි.
මෙම පරීක්ෂණ යටගැසීමට ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නොමැති බවත් අදාළ පරීක්ෂණවලින් ඉවත්කරන ලද නිලධාරීන් පවා යළිත් එම පරීක්ෂණ මෙහෙයවීමට යොමුකළේ ඒවා නිසි පරිදි විමර්ශණය කළ යුතු නිසා බවත් නලින්ද ජයතිස්ස මහතා මෙහිදී සදහන් කළා.
විමර්ශන ප්‍රමාදවන්නේ ඒවායේ තාක්ෂණික ගැටළු නිසා මිසක ආණ්ඩුවේ බලපෑමකින් නොවන බව පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතාට පහරදීමේ සිදුවීමේ විමර්ශන මීට හොඳම උදාහරණය බවයි.
ආණ්ඩුවට කිසිම වුවමනාවක් නැහැ මේ පරික්ෂණ යට ගහන්න මේ ගැන පරික්ෂණ කරපු නිළධාරින් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයට පත්කළේ යට ගසන ලද ඝාතන අරගෙන විමර්ෂණ කළ යුතු නිසා.විමර්ෂණවල ප්‍රමාදයක් වෙන්නේ තාක්ෂණික ප්‍රමාදයක් නිසා මිසක් ආණ්ඩුවේ බලපෑමකින් නොවෙයි…….නිතිපති ඉවත් කිරිමට හෝ ඔහුව වෙන කමිටුවකට ගේන්න තීන්දුවක් ගෙන නැහැ…….
ආණ්ඩුවට කළබලයක් නොමැති බව නීතිපතිවරයා පත්කිරීම හා අභිචෝදක කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට තවදුරටත් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කළා.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති හමුදා බුද්ධි නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට පවතින හැකියාව පිළිබඳ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය නීතිමය මතය ලබා දී තිබුණා.
පසුගිය ජනවාරි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත යොමු කරන ලද ලිපියක මේ බව සදහන්.
නීතිපති ගැන ඇහුවම නලින්ද දිපු උත්තරේ
