බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලැබී තිබෙන බව සඳහන් .බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ජී.එම්. ගුණරත්න, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇති අතර සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පී.පී.එස්.එම්. ධර්මරත්න බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.කළුතර දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කළ ජී.ඒ.එන්.එල්. විජේසේන සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇති අතර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ජේ. පද්මිනි කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රාජකාරි ඉටුකිරීම් සඳහා පත්කර තිබෙනවා.මෙම ස්ථාන මාරුවීම් මේ මස 5 වැනිදා සිට ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
බස්නාහිර පොලිස් ලොකු පුටු හතරක් වෙනස්වෙලා
