ආනයනික කන්ටේනර් 323 ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත්කර තිබෙනවා.ඒ මුදල් අමාත්‍යාංශය විසින්.අදාළ විමර්ශන කමිටුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්න මහතාගෙන් සභාපතීත්වයෙන් ක්‍රියාත්මකයි.කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්. බී ජයසුන්දර, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.පී කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර යන මහත්වරුන් කටයුතු කරනු ලබනවෙ.මේ අතර, ගොඩගැසී ඇති කන්ටේනර් නිශ්කාෂණය කිරීමේ දින 4ක මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගත්තා.එම මෙහෙයුම ඊයේ අවසන් වූ අතර, පූර්ණ කාර්ය මණ්ඩලයක් යොදවා වරායේ ගොඩගැසී ඇති කන්ටේනර්, නිශ්කාෂණය කිරීම ඒ යටතේ සිදු කෙරිණි.
කන්ටේනර් නිශ්කාෂණය කරන්න දවස් හතරක්;පළවුන වාර්තා ගැන හොයන්න කමිටුවක්
