අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට

අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

විශේෂ අවස්ථානුගත කරුණු යටතේ සැකකරුට හෝ චූදිතයාට අධිකරණයේ පෞද්ගලිකවම පෙනී සිටින ලෙස නියම කිරීම ඉවත් කිරීම සඳහාත්, දුරස්ථ සාක්ෂි පටිගත කිරීම සහ විශේෂඥ සාක්ෂිකරුවන් වෙත විද්‍යුත් තැපෑල මඟින් සිතාසි ලබා දීම සඳහා විධිවිධාන සැලසීම පිණිසත් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම හා 2023-12-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති අදාළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබෙනවා.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව සඳහන්.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading