කොළඹ ආ ”යුක්තියේ පාගමන”

2020 වසරේ මහර බන්ධනාගාරයේ ගැටුමෙන් ඝාතනයට ලක්වූ රැදවියන්ට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා ඊයේ (11) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එය සංවිධානය කර තිබුනේ ”යුක්තියේ පාගමන” යන තේමාවෙන්.

කොටුව දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට පිරිස උත්සාහ කළ අතර එහිදී පොලිසිය සමග ඇතිවූයේ සංවාදාත්මක තත්ත්වයකි.

පසුව විරෝධතාකරුවන් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියා.

මෙම අවස්ථාවට මියගිය රැඳවියන්ගේ ඥාතීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥවරුන්, ආගමික නායකයින් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

පසුව විරෝධතාකරුවන්ගෙන් කිහිප දෙනෙකුට ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවීමට අවස්ථාව හිමිවුණා.

නීතිඥ සේනක පෙරේරා මහතා.

”ඒ සාකච්ඡාවේදී අපි කියා සිටියා මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ ඝාතනයට යුක්තිය කිරීමේ අවශ්‍යතාවය අපි පෙන්වා දුන්නා. ඒ වගේම ඒක එසේ කළ යුතු බවත් යුක්තිය ඉටුවිය යුතු බවටත් පිළිගත්තා. ඒ වගේම බන්ධනාගාර සිරකරුවන්ගේ සමාලෝචන ක්‍රියාවලිය සම්බන්ධයෙනුත් ඒක කාර්යක්ෂමව විධිමත්ව ඉටුවෙන්න ඕනෑ කියන එකත් පිළිගත්තා. ඒ අනුව අධ්‍යක්ෂ ජෙනරාල් තුමා අද හවසම ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරනවා. එතුමාට ඒ අවශ්‍ය ඒ අපි විසින් බාර දුන්නු සංදේශය ඉදිරිපත් කරනවා කියලා කිව්වා.”

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading