ලොහාන්ගේ ඩිෆෙන්ඩරය වීඩියෝ කළ තරුණයෙක් අත්අඩංගුවට

පොලිස් රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල කරමින් වාරියපොළ ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිෆෙන්ඩර් රථය වීඩියෝ කළ තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ රිය අනතුර සමබන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ පටයක වාරියපොල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කියමින් පැමිණි පොලිස් නිලධාරියෙකු අදාළ ස්ථානයේ ඡායාරූප ගැනීමට තැත් කළ පුද්ගලයාට තර්ජනාත්මකව අවවාද දෙන ආකාරය දැක්වෙයි.

අදාළ විඩියෝව

ලොහාන් රත්වත්තේට අයත් බව කියන රථයක් අනතුරකට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිෆෙන්ඩර් රථයක් ඔක්තෝබර් 25 දින අනතුරකට ලක්ව තිබේ.

වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ දංගහමුල හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් පසු ප්‍රදේශවාසීන් සහ ඩිෆෙන්ඩර් රථයේ පැමිණි පිරිස අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, එහිදී දෙපිරිස අතර ගැටුමක්ද හටගත් බව වාර්තා වේ.

Author

Related Posts