චම්පිකලාගේ එක්සත් ජනරජ පෙරමුණේ ලොකු පුටු ගැලවේ

එක්සත් ජනරජ පෙරමුණ සාමාජිකත්වයෙන් හා සභාපති ධුරයෙන් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

එක්සත් ජනරජ පෙරමුණ ඔක්තෝබර් 10 දින සමගි ජන බලවේග සන්ධානයෙන් ඉවත්ව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට දේශපාලන මණ්ඩලය ගත් තීරණයට විරෝධය පළකරමින් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය එම පෙරමුණේ මහ ලේකම් කේ. ඒ. බන්දුල චන්ද්‍රසේකර වෙත භාර දී ඇති ඇත.

තවද එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක ඉන්ජිනේරු සම්පත් සුමේධ රත්නායක මහතාද ඉල්ලා අස් වී ඇති අතර සමගි ජන බලවේගය සන්ධානය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට නාමයෝජනා භාර දී ඇත.

එසේම, එක්සත් ජනරජ පෙරමුණ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වූ හිටපු පළාත් සභා අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ‘සිලින්ඩරය’ ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් නාමයෝජනා භාර දී ඇත.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහගේ ඉල්ලා අස්වීමේ ලිපිය 

Author

Related Posts