පසුගිය මාස කිහිපයේ අර්බුධයක් ලෙස පැවැතුණු වීසා ගැටලුවට අදාල විගණනයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් නව පාර්ලිමේන්තුව රැස්වන විට අදාළ විගණන වාර්තාව අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් විගණකාධිපති W.P.C. වික්‍රමරත්න මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
E-පාස්පෝට් නිකුත් කිරීමට අදාළ ප්‍රසම්පාදන ක්රියාවලියෙහි විගණන වාර්තාව ද ඒ සමග අවසන් කිරීමට කටයුතු යොදා ඇති බවත් වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගමකට පැවරීමෙන් පසුව සිදුව ඇති වියදම් පිළිබඳව තොරතුරු ද අදාළ විගණන වාර්තාවලදී විගණනය කීරිමට නියමිත බව ඒ මහතා පවසා ඇත.
