දේශපාලන පළිගැනීම් මින් ඉදිරියට සිදු වෙන්නේ නැහැ – ජනාධිපති කියයි

මින් ඉදිරියට සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා පවසා ඇත.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ඔක්තෝබර් 03 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවැත්වූ සාකච්ඡාවකදීය.

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැවරී ඇති කාර්යභාරය විශාල කාර්ය භාරයක් බවත්, රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේ ද නැද්ද යන්න තීරණය වන බවත් කාර්යක්ෂම, ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන්, තමා පෙනී සිටින බවත් එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.

Author

Related Posts