අලුත්වැඩියා කරන්න යන මුදලෙන් අලුත් වාහන ගන්නත් පුළුවන්
වාහන තොගය වෙන්දේසි කරලා ඒ මුදල් රටේ වැඩකට යොදවන්න පුළුවන්
පසුගිය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හා රාජ්ය නිලධාරීන් පසුගිය කාලය තුළ පරිහරණය කළ මේ වන විට ජනපති ලේකම් කාර්යාලය අසළ නවතා ඇති අතිරික්ත වාහන තොගය වෙන්දේසි කිරීමට කටයුතු කරන ලෙස නව රජයෙන් තමා ඉල්ලා සිටින බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත.
ඒ මහතා දිවයින පුවත්පතට පවසා ඇත්තේ ‘ඔය වාහන දැන් පට්ට ගහලා තියෙන්නේ. සමහර වාහන අලුත්වැඩියා කරන තත්ත්වයට පත්වෙලා. අලුතින් වාහන ගන්න යොදවන මුදල්වලට වඩා වැඩි මුදලක් අලුත්වැඩියා කරන්න යනවා. ඒ මුදල්වලින් අලුත් වාහන ගන්නත් පුළුවන්. මම නම් අදහස් කරන්නේ ඔය වාහන තොගය වෙන්දේසි කරලා ඒ මුදල් රටේ වැඩකට යොදවන්න පුළුවන් කියලයි’.
