ජන අරගල සන්ධානයේ පත්‍රිකා බෙදාහැරීමට මොරටුවේදී පොලිසියෙන් බාධා

‘ජන අරගල සන්ධානය – ජනතාව අතරට’ යන තේමාව යටතේ ඊයේ (ජුලි 6) මහනුවරින් ආරම්භ වූ පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනේ දෙවැනි දිනය අද (ජුලි 7) මොරටුව නගරයෙන් ආරම්භ කළ අතර එහිදී පොලිසිය විසින් ඊට බාධා පමුණුවන ලදී. ඒ ජනතාවට බාධා කාරී වන බවත්, පාගමනක් සඳහා පොලිස් අවසර ගෙන නොමැති බවත් කියමිනි.

මේ අවස්ථාවේ දී ජන අරගල සන්ධානය වෙනුවෙන් වසන්ත මුදලිගේ, දුමින්ද නාගමුව, නීතීඥ ස්වස්තිකා අරුලිංගම් යන අය ඉදිරිපත් වී මෙය ‘පත්‍රිකා බෙදාහරිමින් ජනතාව දැනුම්වත් කිරීමක්’ පමණක් වන බවත්, ඊයේ දිනයේ මහනුවර – මාවනැල්ල – කෑගල්ල – නිට්ටඹුව යන නගර වල දී ඊට පොලිස් බාධා නොපැමුණුනු බවත් සඳහන් කරන ලදී.

කෙසේවෙතත් පොලිස් බාධා කිරීම් හමුවේ, කුඩා ප්‍රමාණයේ හෝ ශබ්ද විකාශන ක්‍රමයක් භාවිතා කිරීමකින් තොරව, ජන අරගල සන්ධානය මොරටුවේ ජනතාව අතරට යමින් පත්‍රිකා බෙදීම හා දැනුම්වත් කළහ.

ඊයේ දිනයේ සාර්ථක ලෙස අවසන් වූ ජන අරගල සන්ධානයේ පත්‍රිකා බෙදීමේ කටයුතු සඳහා විශාල ජන ප්‍රසාදයක් ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් අසතුටු වල ආණ්ඩුවේ ඉහළ අත පෙවීම් මත අද දින ඊට පොලිස් බාධා කිරීම් සිදුවන බව පෙනී යන බව එම සන්ධානයේ ප්‍රකාශිකාවක වන සුරේඛා සමරසේන පැවසීය. ඇය වැඩදුරටත් ප්‍රකාශ කළේ, මේ දින වල මහා වේදිකා තනාගෙන, මහා ශබ්ද විකාශන ක්‍රම භාවිතා කරමින් කරගෙන යනු ලබන මහා දේශපාලන රැස්වීම් වලට නැති පොලිස් බාධා ජන අරගල සන්ධානයට ලැබෙමින් තිබීම විමතියට කරුණක් වන බවයි.

Author

1 Comment

  • Why Tharindhu, the respected media personnel, involved in distribution of leaflets in support of Peratugami Party candidate at this stage.?

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading